Company

Program

Terms & Policies

© 2025 TikTok
Audio/video is not supported Please TryRefresh
Replay
00:00
Click and hold to drag

original sound

Sachinthani Kaushalya

911 videos

රැඩිකල් ගැහැණියකට ජීවිතේ යම් කිසි කාලයකදී සිදු වෙනවා ඒ රැඩිකල්වාදී අදහස්වලින් අයින් වෙලා තමන්ගේ කියලා හිතෙන කෙනෙක්ට ආදරය කරන්න පටන් ගන්න. කලාවට, දේශපාලනයට, සාහිත්‍යයට බර ගැහැණියක් කියන්නෙම කියවිය යුතු පොතක්. පොත හරියට කියවන්න පටන් ගත්තොත් කියවන්න කියවන්න ආස හිතෙන පොතක්.
යම් කාලසීමාවක් තුළ විප්ලවීය ගින්නක් ඇති හදවතක් පවා මෘදු හැගීම්වලින් උණුසුම් වෙනවා..ඒක ඇත්ත. හැම රැඩිකල් මනුස්සයෙක් ඇතුළෙම ඉන්නවා ලස්සනට ආදරේ කරන මනුස්සයෙක්! තමන්ගෙ අවශ්‍යතා වෙනුවෙන් අනිත් අයව පරිහරණය කරන්නෙ නැති, කෙලින්, ආඩම්බරෙන් ආදරේ කරන ගැහැණු කියන්නේ වෙනම ලෙවල් එකක් ඔව්!

රැඩිකල්වාදී ගැහැණියක් ඇතුළේ ඉන්න ඒ ආදරණිය ගැහැණිය නැති වුනාට පස්සේ, තවත් ආදරණීය වීමෙන් පලක් නැති බව ජීවිතේ යම්කිසි කාර්තුවකදී ඔවුන්ට තේරුම් යනවා. ඒ වගේම නැවතත් තමන් ජීවත් විය යුත්තේ කුමක් වෙනුවෙන්ද යන බව සිහියට නැගෙනවා. 🧠🤍